මිනිස්සු මට මඩ ගහන්නෙ මම ජීවිතය විඳින නිසා

පියුමි හංසමාලි කියන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයට පත් කෙනෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. පසුගිය දා ඇය යූටියුබ් සාකච්ඡාවක් සඳහා ඇය එකතු වී තිබුණා. එම සාකාච්ඡාවේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි සඳහන් වෙනවා.

මේ දවස් වල රටේ තියනවානේ පෙට්‍රල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, ඩීසල් ප්‍රශ්න.ඔයාට එක ප්‍රශ්නයක් වෙලා නැද්ද?

ඇත්තටම ලොකු ප්‍රශ්නයනක්.අම්මා හැමතිස්සේම කියනවා ගෑස් එක නෑ ගෑස් එක නෑ කියලා. ඉතිං ගෙදරදී මට තියෙන්නේ අම්මාගේ ගෑස් ප්‍රශ්නේ විතරයි. ඊට අමතරව කරන්ට් එක යනවා. එක පොඩ්ඩක් අමාරුයි. අපිට විතරක් නෙමේ මුළු ලංකාවටම සිද්ද වෙලා තියෙන්නේ මේක. අපි ඡන්දේ දුන්නා නම් ඒ දේට මුණ දෙන්න ඕනේ…

ඔයා කොහොමත් ලංකාවේ නිව්ස් මවන්න හරි දක්ෂයිනේ. ඒ දේවල් දකිනකොට ,කියනකොට අවංකවම මොනවාද හිතෙන්නේ ඔයාට?

එක පැත්තකින් මට සතුටුයි. මොකද ලංකාවේ මිනිස්සු මට පෙරළ පෙරළ මඩ ගැහුවත් කොච්චර කරත් මම මොනවාහරි දෙයක් කිව්වොත් ලංකාවේ මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැ.ගැහැණිය මොකක්හරි හේතුවක් මත තමයි කතා කරන්නේ. ඒ හින්දා මට හරි සතුටුයි.

ඔයාගේ ඉන්ස්ට්‍රග්‍රෑම් පෙජ් එකට මොකද වුනේ?

ඉන්ස්ට්‍රග්‍රෑම් පෙජ් දැන් මාස තුනක් ගැලවිලා තිබ්බා. දැන් ගිය සතියේ ආවා. ලංකාවේ වැඩියෙන්ම තිබ්බේ මගේ. ඒ වුනාට අපිල් කර ඇපිල් කරා පස්සෙ ගත්තා.

පාසල් කාලේ කොල්ලෝ කීදෙනෙකුට ලියුම් ලියුවද?

එක්කෙනක් තමයි මට ඉඳලා තියෙන්නේ පාසල් යන කාලේ..එයා එක්ක ලියුම් හුවමාරු කරගෙන තියනවා.

මොනවාද ලියුම් වල ලිව්වේ?

දැන් වගේ නෙමෙයි ඒ කාලේ හරි සුන්දරයි. අපේ පන්තියේ ඉඳලා එහා පන්තිය බලනවා.අපිට කතා කරන්න හම්බවෙන්නේ ඉන්ටර්වල් ටයිම් එකේදී. එක අවුරුද්දක්වත් තිබ්බේ නැහැ. මගේ ඉස්කොලේ 11 වසර වෙනක් විතරයි තියෙන්නේ. මම 8 වසරේදී එයා 11 වසරේ. ඒවා ඉතිං දැන් මතක් වෙද්දී හිතෙනවා බොරු වැඩ, මෝඩ වැඩ කියලා.

කවුද හොඳම යාළුවා පන්තියේ හිටපු?

මගේ පන්තියේ හිටියා චතුරි කියලා. එයා අදටත් මගේ ෆෙස්බුක් එකේ ඉන්නවා, කතා කරනවා. අදටත් මගේ පාසලේ මිතුරු මිතුරියන් එනවා අපේ ගෙදර.

ඉස්කොලේ යන කාලේ හොඳම මතකය මොකද්ද?

මම දැනුත් හිනාවෙලා සතුටින් ඉන්න කැමති කෙනෙක්. අපි හැමොටම ජිවිතේ ප්‍රශ්න තියනවා. එත් ප්‍රශ්න තියනවා කියලා ගෙදරට වෙලා අඬ අඬ හිටියා කියලා ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැනේ.. මොන ප්‍රශ්නේ තිබුනත් මම හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. අපේ එක එක විෂයන් වලට එනවානේ පංතියට ඉතිං ඒ එනකොට මහ බ්‍රහ්මණයෙක් ගැන තමයි කතාව කිය කිය හිටියේ. අපේ ටීචර් එක කියපු විදියට හිනා ගියා. ඊටපස්සෙ ඇය ඇහුවා හිනා වෙන්නේ ඇයි මහ බාහ්‍ර්මණයා ආවද කියලා…

පුතා ඔයාගේ ජිවිතේ ප්‍රධානම කෙනෙක්නේ මොනවා වුනත්. මතකද පුතාව ජිවිතේට ලැබුන දවස?

ඔව් 2010.11.05.

දැන් ඒ හැඟීම මතක් වෙද්දී මොකද හිතෙන්නේ?

මට එයාව හම්බෙද්දී අවුරුදු 19යි. මට ලොකු වයසක් නැහැ. ගොඩක් සතුටු වුනා කියලා කියන්නත් බැහැ. මට දැන් එයාගේ පුංචි කාලේ විඩියොස් දකිද්දී හරි සතුටුයි. මෙයා දැන් ඒ වයසේම හිටියා නම් කියලා…මම එ වේලාවේ ලොකු වේදනාවක් දැරුවේ දැන් ඉතිං හරිම සතුටුයි.දැන් එයා ඉන්න නිසා මට මගේ ජිවිතේ බයක් නැහැ.

සමහර අම්මලා හිතනවා දුවෙක් හමුබ වුනෙත් හොඳයි,පුතෙක් හම්බ වුනොත් හොඳයි කියලා.. ඔයාගේ එහෙම බලාපොරොත්තුවක් තිබුනද?

ඇතත්ටම ඔව්. මම දුවලාට තමයි ගොඩක් අසාවෙන් හිටියේ.මම හස්බන්ඩ් එක්ක ගිහිල්ලා ස්කෑන් කරනකොට කිව්වා පුතෙක් ඉන්නේ කියලා.නමුත් මම හිතින් හිතලා දුවෙක් වෙන්න ඇති කියලා දුවෙකුට තමයි ඇඳුම් ගත්තේ. නමුත් මම හිතනවා මට මුලින්ම පුතෙක් හමුබ වුන එක හොඳයි. අම්මා කෙනෙක්ට එක ලොකු හයියක්. දුවෙක් හිටියා නම් මට සෑහෙන්න පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙනවා. මට කොයිහරි යන්න වුනොත් මට දුවෙක්ව තියලා යන්න බැනේ මගේ අසල්වැසියෙක් ළඟවත්. නමුත් පුතාව තියලා යන්න පුළුවන් බය නැහැ. දුවෙක් හැදෙන්න ඕනේ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ගේ රැකවරණය යටතේ. දුවෙක් අපිට තියලා යන්න බෑනේ නෑදෑයෙක් ගෙදරවත්.මං හිතන්නේ මට සෑහෙන්න හයියක් මගේ පුතා .

පුතා ගැන මතක් කරද්දී මොනවද පුතා ගැන තියෙන අපුරු මතක ?

මම කිව්වා වගේ මම හරි සතුටින් ඉන්න කෙනෙක් වගේම මගේ පුතත් හරි ජොලියෙන් ඉන්න කැමති කෙනෙක් . තනිකරම මම වගේ කොයි වෙලෙත් හිනාවෙවී ඉන්නවා .අපේ අම්මට එක එක විදිහට වද දෙනවා .එයා මොනව හරිම කරලා අම්මාව අවුස්සනවා.අම්මා කොස්සක් හරි අරගෙන එලවනවා උඹට හිටපන් දෙන්නම් කියලා..එයා හැම තිස්සෙම බලන්නේ එයත් හිනා වෙලා මාවත් හිනස්සන්න.

දැන් අර මතකද පුතා පහ වසර විතර පුතාට යාලුවෙක් ගෙනල්ලා දුන්න කේක් කෑල්ල ඔයාට ඔතාගෙන ආපු මොහොත ?

ඔව් එක කියන්න ඕන අනිවාර්යෙන්. මගේ අම්මා මට කියලා තියෙනවා පොඩි කාලෙදි මම කිසිම කෑමක් කිසිම දවසක තනියෙන් කන්නේ නැහැ.මම මගේ අම්මට අරගෙන එනවා. මම හිතන්නේ මගේ පුතාටත් තියෙන්නෙ ඒ වගේ එකක්.දැන් ඒගොල්ලන්ගේ ඉස්කෝලේ එයාගෙ බර්ත්ඩේ එකට කේක් යවනවා වගේ අනිත් ළමයි ගේ අම්මලත් එයාලගේ birthdays වලට කේක් එවනවා .එක ළමයෙක්ට එක කේක් කෑල්ලක් තමයි කොහොමත් දෙන්නේ. එයා දන්නවා මම කේක් වලට මාරම කැමතියි .එයාට දුන්න කෙක් කෑල්ල එයා කපලා ටිෂූ එකක ඔතලා අරගෙන ආවා.. අරගෙන ඇවිල්ල මට දුන්නා. ඇත්තටම එක කන්න බැහැ අප්පිරියයි. ඇයි ටිෂූ එකට තැලිලා.දැන් ඉතින් අප්පිරිය උනත් එයාගේ හිත රිදෙනවානේ. චූටි කෑල්ලක් කෑවා. එකෙ කන්න දෙයක් නෑ ඇත්තටම තැලිලා තිබ්බේ.මට එවෙලෙ හරිම දුක හිතුනා එයා පව්නෙ එයා කොච්චර ආදරේ ඇතිද ඒ පොඩි වයසටයට තේරෙනවා කියන්නේ එයාට දුන්නෙ කේක් එක එයාගේ අම්මට ගෙනල්ලා දෙන්න. ඉතින් මම හිතන්නේ මට මගේ ජීවිතේ ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඔයාට සමාජයෙන් විවේචන ආව වෙලාවල් තියෙනවානේ .පුතා ඒවට කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ ?

අපේ අම්මලාගේ කාලේ ගත්තහම ඊට වැඩිය දැන් generation එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා.එතකොට මගේ පුතත් සෑහෙන්න අපහසුතාවයකට පත් වෙයි මගේ අම්මට මෙච්චර පෙරල පෙරල මඩ ගහන්නේ මගේ අම්මා අඳින විදිහට ද ,මගේ අම්මා එළියට යනවා කියලද , පාටි යනවා කියලද ,යාලුවන් එක්ක එන්ජෝයි කරනවා කියලාද ..මගේ පුතාට දැන් instagram account එකක් තියෙනවා.හැබැයි එයාට එක මම වැඩිය යූස් කරන්න දෙන්නේ නැහැ එකේ access තියෙන්නෙ මට. හැබැයි ගේම්ස් වලට එයා එයාගේ යාළුවො ඔක්කොම ඇඩ් කර ගන්නවා .එතකොට එයාගෙ ගේම්ස් වල ඉන්නේ ගොඩක් ලංකාවෙ ළමයි නෙමෙයි පිටරට ළමයි .එතකොට එයා මේ දේවල් දකිනවා .එතකොට එයා දකිනවා මගේ අම්මා පුල් එකට බහින්නේ බිකිනියක් ඇඳල නම් මේ ඉන්න යං ජෙනරේෂන් එකේ අම්මලා අඳින්නෙත් ඒ විදිහට .

මම හැම program එක කියනවා වගේ තමයි මෙතනත් කියන්න වෙන්නේ. මිනිස්සු මට මඩ ගහන්නෙ මම ජීවිතය විඳින නිසා. එයාලට ඒක බලාගෙන ඉන්න බැරි නිසා .මොකද කාන්තාවක් බිත්ති හතර හිර වෙලා එයා කරන්නෙ මට බැන බැන ඉන්න එකනේ. මම කරන්නේ ඒ මිනිස්සුන්ට මට බැන බැන ඉන්න කියලා මං මගේ ජිවිතේ විඳිනවා.ඕනේ නම් බලන්න tik tok , instragram එකට ගිහිල්ලා මට මිනිස්සු කමෙන්ට් දාන්නෙ මොනවා නැතත් ජිවිතේ විදින ගෑනියෙක් කියලා. මම විඳිනවා. මට දරුවෙක් හම්බ වුණා කියලා මගෙ හස්බන් මට කවදාවත් මෙහෙම අදින්න එපා, එළියට යන්න එපා කියලා මට කවදාවත් නීති දාලා නැහැ .මම අදටත් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ .මගේ හස්බන්ඩ්ට ප්‍රශ්නයක් නැත්නම් මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද තියෙන ප්‍රශ්නේ. අපි හොයනවද අනුන්ගේ දේවල්.මම කොහොමත් තව ටික කාලයකින් මගේ පුතාව රට යවනවා ඉගෙන ගන්න මෙහේ ඉන්නේ නැහැ.

එතකොට මගේ දරුවා කවදහරි කාලෙක රට ගිහිල්ලා ලංකාවට ආවහම මගේ දරුවාට ජොක් එකක් වෙයි ලංකාවේ මිනිස්සු මේ අම්මට මොනවද කියන්න කියලා. මොකද මගේ දරුවා දකිනවනේ ජීවිතේ විඳින හැටි ඒ රටේ දී.මගේ ළමයා බැලුවොත් අම්මා කෙනෙක් හැටියට මම හිතන්නේ මම හොඳ workout එකක් කරගෙන මගේ ඇඟ ලස්සනට තියාගෙන ඉන්න කෙනෙක්. එක මගේ ළමයට ප්‍රශ්නයක් නැති වෙයි ..මගේ අම්මටවත්, දරුවාටවත් නැති ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නේ ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ. ඒක මම හිතන්නේ හිතන්නේ ලංකාවේ විතරයි. යුරෝපීය රටවල් වල ඒ ප්‍රශ්න නැහැ.‍ අපේ අය හොයන්නේ ම අනුන්ගේ දේවල්නේ. තමන්ගේ පාඩුවේ ජීවිතය විඳගෙන ඉන්න බැහැනේ.ඒක අපේ ලංකාවේ හදාගෙන තියෙන මතයක් .ඉතිං ඒ හදාගෙන තියෙන මතයට මට පෙරළ පෙරළ මට ගැහුව කියල ලංකාවේ මිනිස්සුන්ට ඕන විදියට මම ෆැෂන් කරන්නේ නැහැ. මම ෆැෂන් කරන්න මට ඕන විදියට. මොකද මගේ සල්ලිනේ. මම වෙන කාගෙන්වත් සල්ලි අරගෙන ඇදලා කරලා ඉන්නේ නැහැනේ.

තාත්තා ගැන මොන වගේ මතකයක් ද තියෙන්නේ ?

මම හිතන්නේ මගේ ජීවිතය මම වැඩිපුරම ආදරේ කරන්නෙ මගේ තාත්තට. මොකද මට එයාගෙ ජීවිතය නැති වෙන තුරාවට කිසිම දවසක අතක් උස්සල ගහලා නැහැ. අම්මා මට ගැහුවත් එයාට අම්මට ගහන්න බෑනේ එයාට බැනලා යනවා .නමුත් මට කවදාවත් මුකුත් කියන්නේ නැහැ. දැන් මගේ තාත්තා නැති වෙලා අවුරුදු දොළහකට කිට්ටුයි .අම්මයි තාත්තයි මැද්දෙ තමයි මම නිදි ගන්නෙ ඉස්කෝලේ යන කාලේ.මම උදේ නිදිගෙන නැගිටිනකොට තමයි මගේ තාත්තා නැති වෙලා හිටියෙ. මට ඒක හරිම ෂෝක්.

මොනවා වෙලාද නැති උනේ ?

එයා පලංචියකින් වැටිලා එයාගේ කොන්ද ඔක්කොම පණ නැති වෙලා හරිම අසාධ්‍ය තත්ත්වයකින් හිටියේ.මගේ තාත්තා එකතැන් වෙලා හිටියා අවුරුදු හතරක් පහක් විතර. මම හිතන්නේ මගේ අම්මා කිසිම දවසක මගේ තාත්තා තනි කළේ නැහැ . එයා ජීවිතයේ හැර යන තුරාවටම මගේ අම්මා තමයි බලාගත්තේ .තාත්තට වෙන්න ඕන හැම යුතුකමක්ම මගේ අම්මා ඉෂ්ඨ කළා. අම්මටත් වැඩිය මම ආදරේ මගේ තාත්තට. එයාට මට ලොකු දේවල් ගෙනල්ලා දෙන්න බැහැ. නමුත් මම කේක් කන්න ආස හින්දා එයා හැමදාම හවසට කේක් කෑල්ලක් අරගෙන එනවා. ඉතින් මට මගේ තාත්තා රජෙක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54