මිදිගම ව්‍යාපාරිකයෙක් ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි තවත් අයෙක් අල්ලයි

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු 07ක් ඝාතනය කිරීමට සූදානමින් සිටි සැකකරුවෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 30 ක් සහිත පතරොම් ගැබක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පසුගිය 19 වනදා අත්අඩංගුවට ගැනුණා.

බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, අදාළ ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලාගිය බවට තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, ඒ අනුව පලාගිය එක් සැකකරුවෙකු ඉබ්බාවල ප්‍රදේශයේ සැඟවී සිටින බවට විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව එම සැකකරු ඊයේ (23) හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 38ක මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, අනාවරණය කරගත් තොරතුරු මත මිදිගම, කපුවත්ත කැළෑබඳ ප්‍රදේශයක සඟවා තිබූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදන ජීව පතරොම් 06ක්, ටී 56 අවියට යොදන පතරොම් ගැබක්, එම ජීව පතරොම් 14ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (24) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?