මිදිගම ව්‍යාපාරිකයෙක් ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි තවත් අයෙක් අල්ලයි

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු 07ක් ඝාතනය කිරීමට සූදානමින් සිටි සැකකරුවෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 30 ක් සහිත පතරොම් ගැබක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පසුගිය 19 වනදා අත්අඩංගුවට ගැනුණා.

බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, අදාළ ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලාගිය බවට තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, ඒ අනුව පලාගිය එක් සැකකරුවෙකු ඉබ්බාවල ප්‍රදේශයේ සැඟවී සිටින බවට විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව එම සැකකරු ඊයේ (23) හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 38ක මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, අනාවරණය කරගත් තොරතුරු මත මිදිගම, කපුවත්ත කැළෑබඳ ප්‍රදේශයක සඟවා තිබූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදන ජීව පතරොම් 06ක්, ටී 56 අවියට යොදන පතරොම් ගැබක්, එම ජීව පතරොම් 14ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (24) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21