AFC Banner
AFC Banner
Empty Ad

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (22) අවසර ලබා දී තිබෙනවා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අවසර ලබාදුන් අතර, සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලීසියට අවසර හිමිව ඇත්තේ.

පසුගිය 18 වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ නැමැත්තෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (21) අත්අඩංගුවට ගැනුණු අතර, සිද්ධියට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?