මිතුරා සමඟ එක්ව පියා නැසූ පුතුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවේ (ඡායාරූප)

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ දී සිය පියා ඝාතනය කළ පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු ඊයේ (31) යාපනය – කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශන වලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

43 හැවිරිදි පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 17 සහ 19 යන වයස්වල පසුවූ පුතුන් දෙදෙනා සහ තවත් 19 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සිය පියා ඝාතනය කිරීමෙන් පසු වැඩිමහල් පුත්‍රයා හා ඔහුගේ මිතුරෙකු තුවාල සහිතව රෝහල්ගතව ඇති අතර, එහිදි ඔවුන් පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියා ඝාතනය කර පළා ගිය බවයි.

තම පියා බේරාගැනීමට උත්සාහ කිරීමේදී තමන්ට ද එම පිරිස පහරදුන් බවයි ඔවුන් පොලිසිය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා දැනට වසර දෙකක පමණ කාලයක සිට බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි පොලිසිය පසුව අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල පුත්‍රයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව තමන් පියාව ඝාතනය කළ බවයි.

එහිදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යාපනය – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36