මිතුරාට බත් ගෙනා තරුණයාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වෙයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සිය මිතුරෙකුට ලබාදීම සඳහා රැගෙන ආ ආහාර අඩංගු බාල්දියේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් බන්ධනාගාරය තුළට රැගෙන ඒමෙන් හෙරොයින් ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීමේ අධි චෝදනාවලට වරදකරු වූ තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබෙනවා.

අද (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි අදාළ තීන්දුව නිකුත් කරනු ලැබුවේ.

මෙම සැකකරුවා වයස අවුරුදු 25ක් වන අවිවාහක පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

එම විත්තිකරුට එරෙහිව වන අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව අධිකරණයේ දී ඔප්පු වුණා.

සැකකරු 2019 දෙසැම්බර් 04 වැනි දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බත් සහ බඳින ලද මස් අඩංගු බාල්දිය තුළ ව්‍යාජ ලෙස සැකසූ පතුලක් තුළ මෙම හෙරොයින් සහ දූරකථන උපාංග සොයා ගැනීමටයි බන්ධනාගාර නිලධාරියා සමත් වූයේ.

ඉන් අනතුරුව විත්තිකරුව අත්අඩංගුවට ගැනුණු අතර අදාළ නඩු තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?