මිතුරාට බත් ගෙනා තරුණයාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වෙයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සිය මිතුරෙකුට ලබාදීම සඳහා රැගෙන ආ ආහාර අඩංගු බාල්දියේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් බන්ධනාගාරය තුළට රැගෙන ඒමෙන් හෙරොයින් ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීමේ අධි චෝදනාවලට වරදකරු වූ තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබෙනවා.

අද (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි අදාළ තීන්දුව නිකුත් කරනු ලැබුවේ.

මෙම සැකකරුවා වයස අවුරුදු 25ක් වන අවිවාහක පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

එම විත්තිකරුට එරෙහිව වන අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව අධිකරණයේ දී ඔප්පු වුණා.

සැකකරු 2019 දෙසැම්බර් 04 වැනි දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බත් සහ බඳින ලද මස් අඩංගු බාල්දිය තුළ ව්‍යාජ ලෙස සැකසූ පතුලක් තුළ මෙම හෙරොයින් සහ දූරකථන උපාංග සොයා ගැනීමටයි බන්ධනාගාර නිලධාරියා සමත් වූයේ.

ඉන් අනතුරුව විත්තිකරුව අත්අඩංගුවට ගැනුණු අතර අදාළ නඩු තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34