AFC Banner
AFC Banner
Empty Ad

මිතුරාට ඇප තැබීමට ආ පිරිස සමග සූර් වුණු කොස්තාපල්ගේ සේවය නවතියි

බීමතින් පරුෂ වචනයෙන් බැණ වදිමින් අශෝබන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වෙන්නප්පුව පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක් ව ඇත්තේ වෙන්නප්පුව පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 84337 එච්.එච්.සිල්වා නම් අයෙකු යි.

මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් මීගමුව – කටුවාපිටිය පදිංචිකරුවෙකු ඉකුත් 24 වෙනිදා වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති එම පුද්ගලයාට ඇප ලබාදීමට පැමිණි බව කියන ඔහුගේ මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති පොලිස් කොස්තාපල්වරයා වෙන්නප්පුව පොලිස් ස්ථානයේ ගේට්ටුව ඉදිරිපිට දී පරුෂ වචනයෙන් බැණ වදිමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන තුරු අදාළ පොලිස් කොස්තාපල්වරයාව ගිරිබාව පොලිස් ස්ථානයට මාරු කිරීමට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කෙරුණා.

ඒ අනුව ඉකුත් 28 වැනිදා මෙම පොලිස් නිලධාරීවරයා වෙන්නප්පුව පොලීසියෙන් නික්ම ගිරිබාව පොලිස්
ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?