මිතුරාට ඇප තැබීමට ආ පිරිස සමග සූර් වුණු කොස්තාපල්ගේ සේවය නවතියි

බීමතින් පරුෂ වචනයෙන් බැණ වදිමින් අශෝබන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වෙන්නප්පුව පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක් ව ඇත්තේ වෙන්නප්පුව පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 84337 එච්.එච්.සිල්වා නම් අයෙකු යි.

මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් මීගමුව – කටුවාපිටිය පදිංචිකරුවෙකු ඉකුත් 24 වෙනිදා වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති එම පුද්ගලයාට ඇප ලබාදීමට පැමිණි බව කියන ඔහුගේ මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති පොලිස් කොස්තාපල්වරයා වෙන්නප්පුව පොලිස් ස්ථානයේ ගේට්ටුව ඉදිරිපිට දී පරුෂ වචනයෙන් බැණ වදිමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන තුරු අදාළ පොලිස් කොස්තාපල්වරයාව ගිරිබාව පොලිස් ස්ථානයට මාරු කිරීමට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කෙරුණා.

ඒ අනුව ඉකුත් 28 වැනිදා මෙම පොලිස් නිලධාරීවරයා වෙන්නප්පුව පොලීසියෙන් නික්ම ගිරිබාව පොලිස්
ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32