මිතුරන් සමඟ මුහුදේ දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මරුට

කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේ මිතුරන් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මිතුරන් දෙදෙනා සමග දිය නාමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා එකවරම මුහුද දෙසටගසා ගෙන ගොස් ඇති අතර අනිත් මිතුරන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලා කෑ ගසා ඇත. පැයක පමණ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම කොස්තාපල්වරයා සොයාගෙන ක්ෂණිකවම කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් එම කොස්තාපල්වරයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ දේශාන්ජන තරින්ද රත්නායක සිල්වා නමැති විසිදෙක හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

කළුතර දකුණ පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?