මිතුරන් සමග විනෝද වෙන්න ආ නුවර කොල්ලො දෙන්නා තවමත් අතුරුදන්

ඊයේ (01) සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ දැදුරුඔය – නානමංකඩේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 20 සහ 22 යන වයස්වල පසු වූ කටුගස්තොට සහ ගලගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මහනුවර ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයට පැමිණ ඇති අතර දැදුරුඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ද ඇතිව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?