මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන තිබේ.

එම මළ සිරුර ඉකුත් 12 වනදා මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

ඔහු 45 හැවිරිදි හෙන්දාවිතාරණගේ රංග සුරාජ් නැමති වීරවිල මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.

මියගිය පුද්ගලයා වැලිගම සිට තිස්සමහාරාමයට පැමිණි මිතුරන් 6 දෙනෙකු සහ දෙබරවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමග වීරවිල වැව අසල මත්පැන් පානය කරමින් සිටින ආකාරය ඔහුගේ වැඩිමහල් සහෝදරයා දැක තිබේ.

පසුදා වනතුරු ඔහු නිවසට නොපැමිණීම නිසා වැඩිමහල් සහෝදරයා විසින් වීරවිල වැව ප්‍රදේශය සෝදිසි කරඇති අතර වැව්බැම්ම මත මත්පැන් පානය කරමින් සිටී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් සොයාගෙන ඇත.

ඒ පිළිබඳව සැකසිතූ සහෝදරයා විසින් සිද්ධිය පිළිබඳව වීරවිල පොලීසියට පැමිණිළි කර තිබුණි.

ඒ අනුව ඊයේ (13) දිනය පුරා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් වීරවිල වැවබැම්ම ආසන්නයේ පරීක්ෂාකිරීම් සිදුකර තිබුණි.

එහිදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී තිබූ අතර අද අලුයම 4ට පමණ එම ස්ථානයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති ආකාරය ගම්වාසීන් විසින් දැක තිබේ.

ඔහුගේ මරණය සැකසහිත බවට ඥාතීන් චෝදනා කිරීමත් සමග වීරවිල පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව ඔහුගේ නිවස ඉදිරිපිට ස්ථානයක සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී ඉකුත් 12 වනදා සවස 4.20ට පමණ වෑන් රථයකින් මිතුරන් පිරිසක් විසින් ඔහුව රැගෙන යන ආකාරයත් යළිත් රාත්‍රී 8.20ට පමණ බීමතින් සිටින මිතුරන් පිරිස ඔහු නොමැතිව ඔහුගේ නිවසට පැමිණෙන ආකාරයත් සටහන් වී තිබේ.

එසේ පැමිණි පිරිසෙන් එක් අයෙකු සන්තකයේ රෙදි බෑගයක් තිබූ බවත් පසුව අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එසේ රැගෙනවිත් ඇති බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලාගෙන් සිදුකර ප්‍රශ්න කිරීම් අනුව 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලීසිය පවසයි.

තවත් දෙදෙනෙකු ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති බව පොලීසිය පැවසීය.
 
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සොයා වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?