මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන තිබේ.

එම මළ සිරුර ඉකුත් 12 වනදා මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

ඔහු 45 හැවිරිදි හෙන්දාවිතාරණගේ රංග සුරාජ් නැමති වීරවිල මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.

මියගිය පුද්ගලයා වැලිගම සිට තිස්සමහාරාමයට පැමිණි මිතුරන් 6 දෙනෙකු සහ දෙබරවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමග වීරවිල වැව අසල මත්පැන් පානය කරමින් සිටින ආකාරය ඔහුගේ වැඩිමහල් සහෝදරයා දැක තිබේ.

පසුදා වනතුරු ඔහු නිවසට නොපැමිණීම නිසා වැඩිමහල් සහෝදරයා විසින් වීරවිල වැව ප්‍රදේශය සෝදිසි කරඇති අතර වැව්බැම්ම මත මත්පැන් පානය කරමින් සිටී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් සොයාගෙන ඇත.

ඒ පිළිබඳව සැකසිතූ සහෝදරයා විසින් සිද්ධිය පිළිබඳව වීරවිල පොලීසියට පැමිණිළි කර තිබුණි.

ඒ අනුව ඊයේ (13) දිනය පුරා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් වීරවිල වැවබැම්ම ආසන්නයේ පරීක්ෂාකිරීම් සිදුකර තිබුණි.

එහිදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී තිබූ අතර අද අලුයම 4ට පමණ එම ස්ථානයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති ආකාරය ගම්වාසීන් විසින් දැක තිබේ.

ඔහුගේ මරණය සැකසහිත බවට ඥාතීන් චෝදනා කිරීමත් සමග වීරවිල පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව ඔහුගේ නිවස ඉදිරිපිට ස්ථානයක සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී ඉකුත් 12 වනදා සවස 4.20ට පමණ වෑන් රථයකින් මිතුරන් පිරිසක් විසින් ඔහුව රැගෙන යන ආකාරයත් යළිත් රාත්‍රී 8.20ට පමණ බීමතින් සිටින මිතුරන් පිරිස ඔහු නොමැතිව ඔහුගේ නිවසට පැමිණෙන ආකාරයත් සටහන් වී තිබේ.

එසේ පැමිණි පිරිසෙන් එක් අයෙකු සන්තකයේ රෙදි බෑගයක් තිබූ බවත් පසුව අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එසේ රැගෙනවිත් ඇති බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලාගෙන් සිදුකර ප්‍රශ්න කිරීම් අනුව 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලීසිය පවසයි.

තවත් දෙදෙනෙකු ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති බව පොලීසිය පැවසීය.
 
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සොයා වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09