AFC Banner
AFC Banner
Empty Ad

මිත්‍ර ශක්ති යුද හමුදා අභ්‍යාසය හෙට සිට ඉන්දියාවේ දී ඇරඹෙයි (ඡායාරූප)

ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාව ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධ ව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා මෙලෙස නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ දින පස්වරුවේ දී නවදිල්ලි නුවර බලා පිටත් ව ගිය බවයි.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේ දී ආරම්භ වන අතර 2023 නොවැම්බර් මස 29 දින දක්වා පැවැත්වෙනු ඇති.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගී වන භට පිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාව, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වෙනවා.

යුද අභ්‍යාස මාලාවේ 9 වන අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේ දී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබනවා.

අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 16 at 10.58.09 1
WhatsApp Image 2023 11 16 at 10.58.09 2
WhatsApp Image 2023 11 16 at 10.58.10 1
WhatsApp Image 2023 11 16 at 10.58.10
WhatsApp Image 2023 11 16 at 10.58.11 1
WhatsApp Image 2023 11 16 at 10.58.11
WhatsApp Image 2023 11 16 at 10.58.12 1
WhatsApp Image 2023 11 16 at 10.58.12
WhatsApp Image 2023 11 16 at 10.58.13 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?