මිත්‍ර ශක්ති යුද හමුදා අභ්‍යාසය හෙට සිට ඉන්දියාවේ දී ඇරඹෙයි (ඡායාරූප)

ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාව ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධ ව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා මෙලෙස නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ දින පස්වරුවේ දී නවදිල්ලි නුවර බලා පිටත් ව ගිය බවයි.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේ දී ආරම්භ වන අතර 2023 නොවැම්බර් මස 29 දින දක්වා පැවැත්වෙනු ඇති.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගී වන භට පිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාව, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වෙනවා.

යුද අභ්‍යාස මාලාවේ 9 වන අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේ දී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබනවා.

අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 16 at 10.58.09 1
WhatsApp Image 2023 11 16 at 10.58.09 2
WhatsApp Image 2023 11 16 at 10.58.10 1
WhatsApp Image 2023 11 16 at 10.58.10
WhatsApp Image 2023 11 16 at 10.58.11 1
WhatsApp Image 2023 11 16 at 10.58.11
WhatsApp Image 2023 11 16 at 10.58.12 1
WhatsApp Image 2023 11 16 at 10.58.12
WhatsApp Image 2023 11 16 at 10.58.13 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33