මැලේසියාව බිඳ දැමූ බංග්ලාදේශ කම්කරුවන්ගේ ඉස්ලාමීය රාජ්‍ය ජාලය

මැලේසියානු බලධාරීන් විසින් එරට සේවය කරන බංග්ලාදේශ ජාතිකයන් අතර ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායම සඳහා මතවාදය පතුරුවා හැරීමට සහ අරමුදල් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කළ ජාලයක් විසුරුවා හැර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ පිරිසක් 2016 දී ක්වාලාලම්පූර් අගනුවර සිදු කළ ප්‍රහාරයකින් පසු මුස්ලිම් බහුතරයක් සහිත මැලේසියාව, සැක සහිත සටන්කාමී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සියය ගණනක් පුද්ගලයින් රඳවාගෙන ඇතත්, කලාපීය මර්දනයකින් පසු මෑත වසරවලදී අත්අඩංගුවට ගැනීම් බොහෝ දුරට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්තශාලා, වතුකරය සහ ඉදිකිරීම් රැකියා පිරවීම සඳහා මැලේසියාව විදේශීය ශ්‍රමය මත දැඩි ලෙස රඳා පවතින අතර, සෑම වසරකම බංග්ලාදේශ ජාතිකයන් දහස් ගණනක් රැකියා සඳහා රටට සංක්‍රමණය වන අයුරු දැකිය හැකියි.

රූපවාහිනී මාධ්‍ය හමුවකදී පොලිස්පති මොහොමඩ් කාලිඩ් ඉස්මයිල් පැවසුවේ, අප්‍රේල් මාසයේ සිට මෙහෙයුම් කිහිපයකදී බලධාරීන් බංග්ලාදේශ ජාතිකයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සියල්ලෝම කර්මාන්තශාලාවල හෝ ඉදිකිරීම් සහ සේවා වැනි අංශවල සේවය කිරීමට මැලේසියාවට පැමිණ ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
13
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?