මැලේසියාව බිඳ දැමූ බංග්ලාදේශ කම්කරුවන්ගේ ඉස්ලාමීය රාජ්‍ය ජාලය

මැලේසියානු බලධාරීන් විසින් එරට සේවය කරන බංග්ලාදේශ ජාතිකයන් අතර ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායම සඳහා මතවාදය පතුරුවා හැරීමට සහ අරමුදල් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කළ ජාලයක් විසුරුවා හැර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ පිරිසක් 2016 දී ක්වාලාලම්පූර් අගනුවර සිදු කළ ප්‍රහාරයකින් පසු මුස්ලිම් බහුතරයක් සහිත මැලේසියාව, සැක සහිත සටන්කාමී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සියය ගණනක් පුද්ගලයින් රඳවාගෙන ඇතත්, කලාපීය මර්දනයකින් පසු මෑත වසරවලදී අත්අඩංගුවට ගැනීම් බොහෝ දුරට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්තශාලා, වතුකරය සහ ඉදිකිරීම් රැකියා පිරවීම සඳහා මැලේසියාව විදේශීය ශ්‍රමය මත දැඩි ලෙස රඳා පවතින අතර, සෑම වසරකම බංග්ලාදේශ ජාතිකයන් දහස් ගණනක් රැකියා සඳහා රටට සංක්‍රමණය වන අයුරු දැකිය හැකියි.

රූපවාහිනී මාධ්‍ය හමුවකදී පොලිස්පති මොහොමඩ් කාලිඩ් ඉස්මයිල් පැවසුවේ, අප්‍රේල් මාසයේ සිට මෙහෙයුම් කිහිපයකදී බලධාරීන් බංග්ලාදේශ ජාතිකයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සියල්ලෝම කර්මාන්තශාලාවල හෝ ඉදිකිරීම් සහ සේවා වැනි අංශවල සේවය කිරීමට මැලේසියාවට පැමිණ ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
13
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58