මැලේසියාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට (වීඩියෝ)

සංචාරක වීසා බලපත්‍රයක් මගින් මැලේසියාවට ගොස් එහි රැකියාවක නිරත වෙමින් සිටි 44 හැවිරිදි ශ්‍රී ලංකික කාන්තාවක් එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වනවා.

පසුගිය 23 වනදා රාත්‍රියේ ඇය මැලේසියාවේ තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක එක් දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක වීසා මත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය 23 වන දින රාත්‍රී 8 ට පමණ තම පුත්‍රයාට ඇමතුමක් ලබා දුන් මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමා ඉක්මනින් ලංකාවට එන බවයි.

මේ වන විට සිටින රැකියා ස්ථානයේ සිටීම අපහසු බැවින් වෙනත් ස්ථානයකට යන බව ද ඇය ප්‍රකාශ කර තිබුණා.

අනතුරුව ඊයේ (24) සවස 4ට පමණ මැලේසියාවේ හිතවතෙකු මාර්ගයෙන් පවුලේ ඥාතීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ මෙම කාන්තාව සිටි ස්ථානයේ ගොඩනැගිල්ලක තට්ටු දෙකක උඩකින් වැටී මියගොස් ඇති බවයි.

ඇයගේ එකම පුතු සහ සැමියා ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව ද ඔවුන් අවධාරණය කරනවා.

මෙම කාන්තාව සංචාරක වීසා මාර්ගයෙන් රැකියාවට යොමු කළ ශ්‍රී ලාංකික නියෝජිත පුද්ගලයා ප්‍රදේශය මගහරිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=ya2HRfO6fo0&t=80s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
8
+1
1
+1
67
+1
9
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?