මැලේසියාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට (වීඩියෝ)

සංචාරක වීසා බලපත්‍රයක් මගින් මැලේසියාවට ගොස් එහි රැකියාවක නිරත වෙමින් සිටි 44 හැවිරිදි ශ්‍රී ලංකික කාන්තාවක් එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වනවා.

පසුගිය 23 වනදා රාත්‍රියේ ඇය මැලේසියාවේ තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක එක් දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක වීසා මත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය 23 වන දින රාත්‍රී 8 ට පමණ තම පුත්‍රයාට ඇමතුමක් ලබා දුන් මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමා ඉක්මනින් ලංකාවට එන බවයි.

මේ වන විට සිටින රැකියා ස්ථානයේ සිටීම අපහසු බැවින් වෙනත් ස්ථානයකට යන බව ද ඇය ප්‍රකාශ කර තිබුණා.

අනතුරුව ඊයේ (24) සවස 4ට පමණ මැලේසියාවේ හිතවතෙකු මාර්ගයෙන් පවුලේ ඥාතීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ මෙම කාන්තාව සිටි ස්ථානයේ ගොඩනැගිල්ලක තට්ටු දෙකක උඩකින් වැටී මියගොස් ඇති බවයි.

ඇයගේ එකම පුතු සහ සැමියා ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව ද ඔවුන් අවධාරණය කරනවා.

මෙම කාන්තාව සංචාරක වීසා මාර්ගයෙන් රැකියාවට යොමු කළ ශ්‍රී ලාංකික නියෝජිත පුද්ගලයා ප්‍රදේශය මගහරිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=ya2HRfO6fo0&t=80s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14