මැලේසියාවේ බුකිත් තැම්බන් ප්‍රදේශයේ දී රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.
පෙනැං මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගිය අඟහරුවාදායි.
එහිදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා වයස අවුරුදු 25 ත් 46 ත් අතර වයසේ පසුවන බවයි වාර්තා වුණේ.
මොවුන් විසින් නිෂ්පාදනය කර ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය මලයාසියාව තුළ බෙදාහැර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මලයාසියානුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පෙර වාර්තා ඇති අයවලුන් බවයි.
අනාවරණය වී ඇති අතර, ශ්‍රී ලාංකික පුද්ගලයාට එවැනි පෙර වාර්තා නොමැති බවයි මලයාසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.
මොවුන් සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.



