මැයි 09 සිද්ධිය හේතුකොටගෙන පොලිසියේ 33කට ස්ථාන මාරුවීම්

පසුගිය මැයි 09 වනදා රට පුරා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන් පාලනය කර ගැනීමට නොහැකි වූ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් ස්ථාන මාරුකර යවා තිබෙනවා.

පොලිස් නිලධාරින් 33 දෙනෙකු මෙලෙස ස්ථාන මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, කුලියාපිටිය, උයිලන්කුලම, අනුරාධපුරය, මිහින්තලේ, මින්නේරිය, වාරියපොල, දංකොටුව, හෙට්ටිපොල, නාරම්මල යන ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබෙනවා.

මීට අමතරව හෝමාගම, කැස්බෑව, කොහුවල, කිරිබත්ගොඩ, කළුතර, මීගමුව, දොම්පේ, මහනුවර, චීන වරාය, තිස්සමහාරාම, පිටිගල, කෑගල්ල සහ කොළොන්නාව යන ප්‍රදේශ භාර පොලිස් ස්ථානාධිපතිවරුන් ද සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථානමාරුවීම් කර ඇති ස්ථානාධිපතිවරුන් අතරට අයත්.

පසුගිය මැයි මස 09 වනදා මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ වලට හානි සිදුකිරීම සහ ගිනි තැබීමේ සිද්ධීන් වළක්වා ගැනීමට උත්සාහ නොකළ බවට මෙම පොලිස් නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?