මැයි 09 සිද්ධිය හේතුකොටගෙන පොලිසියේ 33කට ස්ථාන මාරුවීම්

පසුගිය මැයි 09 වනදා රට පුරා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන් පාලනය කර ගැනීමට නොහැකි වූ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් ස්ථාන මාරුකර යවා තිබෙනවා.

පොලිස් නිලධාරින් 33 දෙනෙකු මෙලෙස ස්ථාන මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, කුලියාපිටිය, උයිලන්කුලම, අනුරාධපුරය, මිහින්තලේ, මින්නේරිය, වාරියපොල, දංකොටුව, හෙට්ටිපොල, නාරම්මල යන ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබෙනවා.

මීට අමතරව හෝමාගම, කැස්බෑව, කොහුවල, කිරිබත්ගොඩ, කළුතර, මීගමුව, දොම්පේ, මහනුවර, චීන වරාය, තිස්සමහාරාම, පිටිගල, කෑගල්ල සහ කොළොන්නාව යන ප්‍රදේශ භාර පොලිස් ස්ථානාධිපතිවරුන් ද සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථානමාරුවීම් කර ඇති ස්ථානාධිපතිවරුන් අතරට අයත්.

පසුගිය මැයි මස 09 වනදා මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ වලට හානි සිදුකිරීම සහ ගිනි තැබීමේ සිද්ධීන් වළක්වා ගැනීමට උත්සාහ නොකළ බවට මෙම පොලිස් නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51