මැයි 05 හා 06 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා දැමෙයි (නිවේදනය)

2025 මැයි මස 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව පහසුකම් සැලසීම සඳහා කොළඹ 05, ඇල්විටිගල මාවත – නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මැයි මස 05 සහ 06 වැනි දෙදින වසා දැමෙන බව නිවේදනය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිය ප්‍රධාන කාර්‍යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 හා 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?