AFC Banner
AFC Banner
Empty Ad

මැද පෙරදිග වර්තමාන තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම ගැන අවධානය

මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ ඒ මගින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් පවතින ගැටුම පිළිබඳවයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත්තේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ තෙල්මිල වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවට මෙහිදී බලපෑමක් සිදු විය හැකි බවයි.

එසේම මැදපෙරදිග තත්ත්වය ආශ්‍රීතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගතවීමේ උනන්දුව පිළිබඳවද කමිටුව විසින් විමසනු ලැබුවා. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මැද පෙරදිග රැකියාවලට යෑම සම්බන්ධයෙන් මේ දිනවලද ශ්‍රී ලාංකිකයින් තුළ පවතින උවමනාවේ අඩුවක් වී නොමැති බවයි. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම කාලසීමාව තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සීමා කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

තවද ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේදී හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුද හසුවී ඇතැයි ව්‍යාප්ත වන පුවත සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදු කරන බවත් එම රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ දැනට රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳව ද කමිටුව මෙහිදී පරීක්ෂා කරනු ලැබුවා. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ එලෙස විදේශ ගතවී සිටින ශ්‍රමිකයින් සිටින ප්‍රදේශ ආරක්ෂිත බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද නාමල් රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමු කර එම සරණාගතයින් මෙරටට ගෙන්වීම පිළිබඳ සලකා බලන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් යෝජනා කර ඇත්තේ. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා මෙම කමිටුවට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව වෙත කමිටුව විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) ඊශ්‍රායලය සහ පලස්තීනයේ ආර්ථිකයන් සහ මෙම රටවල් සමග ශ්‍රී ලංකාවේ වෙළද සබඳතා පිළිබඳව පෙන්වා දෙනු ලැබුවා. තව ද ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම්ට සම්බන්ධ කරගත් තරුණ නියෝජිතයින්ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් තම ගැටලු පිළිබඳව විමසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?