මැද පෙරදිග වර්තමාන තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම ගැන අවධානය

මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ ඒ මගින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් පවතින ගැටුම පිළිබඳවයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත්තේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ තෙල්මිල වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවට මෙහිදී බලපෑමක් සිදු විය හැකි බවයි.

එසේම මැදපෙරදිග තත්ත්වය ආශ්‍රීතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගතවීමේ උනන්දුව පිළිබඳවද කමිටුව විසින් විමසනු ලැබුවා. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මැද පෙරදිග රැකියාවලට යෑම සම්බන්ධයෙන් මේ දිනවලද ශ්‍රී ලාංකිකයින් තුළ පවතින උවමනාවේ අඩුවක් වී නොමැති බවයි. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම කාලසීමාව තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සීමා කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

තවද ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේදී හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුද හසුවී ඇතැයි ව්‍යාප්ත වන පුවත සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදු කරන බවත් එම රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ දැනට රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳව ද කමිටුව මෙහිදී පරීක්ෂා කරනු ලැබුවා. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ එලෙස විදේශ ගතවී සිටින ශ්‍රමිකයින් සිටින ප්‍රදේශ ආරක්ෂිත බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද නාමල් රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමු කර එම සරණාගතයින් මෙරටට ගෙන්වීම පිළිබඳ සලකා බලන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් යෝජනා කර ඇත්තේ. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා මෙම කමිටුවට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව වෙත කමිටුව විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) ඊශ්‍රායලය සහ පලස්තීනයේ ආර්ථිකයන් සහ මෙම රටවල් සමග ශ්‍රී ලංකාවේ වෙළද සබඳතා පිළිබඳව පෙන්වා දෙනු ලැබුවා. තව ද ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම්ට සම්බන්ධ කරගත් තරුණ නියෝජිතයින්ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් තම ගැටලු පිළිබඳව විමසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39