AFC Banner
AFC Banner
Empty Ad

මැදිරිගිරියේ වෙඩි තැබීමක් – තරුණ කාන්තාවක් ජීවිතක්ෂයට

මැදිරිගිරිය, මිරිස්හේන ධිවර ගම්මාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති කාන්තාව 36 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි.

අදාළ කාන්තාව සිය මවගේ නිවසේ සිට තම නිවසට පැමිණෙමින් සිටිය දී නිවසේ වැසිකිළිය අසල සැඟව සිටි පුද්ගලයෙක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

අදාළ කාන්තාව අනියම සම්බන්ධතාවක් පවතවාගෙන ගිය පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?