මැදිරිගිරියේ වෙඩි තැබීමක් – තරුණ කාන්තාවක් ජීවිතක්ෂයට

මැදිරිගිරිය, මිරිස්හේන ධිවර ගම්මාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති කාන්තාව 36 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි.

අදාළ කාන්තාව සිය මවගේ නිවසේ සිට තම නිවසට පැමිණෙමින් සිටිය දී නිවසේ වැසිකිළිය අසල සැඟව සිටි පුද්ගලයෙක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

අදාළ කාන්තාව අනියම සම්බන්ධතාවක් පවතවාගෙන ගිය පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18