මැද පෙරදිග යුදමය වාතාවරණය සහ ඒ හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වන සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.
විවාදය එදින උදේ 11.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙන අතර, ලෝක තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
මේ අතර මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් හතරදෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කරනවා.
ඔවුන් හතරදෙනා මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



