මැදපෙරදිග යුද්ධයට අමෙරිකාවත් පැටලෙනවා දැයි සති දෙකකින් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මේ වනවිට මැදපෙරදිග අවුළුවා ඇති ඉරාන – ඊශ්‍රායල යුද්ධයට අමෙරිකාව මැදිහත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව ඉදිරි සති දෙක තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් දන්වනු ලබන බව ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ, ට්‍රම්ප් පරිපාලනය පෙර ඉරානයට සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට අවස්ථාව දුන් බවත්, දැන් ඊට ප්‍රමාද වීමක් ඇති හෙයින් සාකච්ඡා සඳහා යළිත් අවස්ථාවක් දෙන්නේ නැද්ද යන්න පිළිබඳවත් ඉදිරියේ දී දැනුම්දෙන බවයි.

ට්‍රම්ප් ඊයේ (19) සඳහන් කළේ, ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත්, එසේ නොවුණහොත් ඉදිරියේ දී තමන් ඒ පිළිබඳ ව දැඩි තීන්දුවක් ගන්නා බවයි.

කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායකයා වන කමෙනි ඉරාන ජාතීන් කිසිවෙකුටත් යටත් නොවන බව ද කියා සිටියා.

මේ අතර ට්‍රම්ප් දැනුම්දී ඇත්තේ කිසිදු ලෙසකින් ඉරාන – ඊශ්‍රායල ගැටුමට රුසියාව මැදිහත් නොවිය යුතු බවයි.

ඊශ්‍රායල ඉරාන ගැටුමේ 08 වැනි දිනය අද (20) යි.

මේ වනවිටත් දෙපාර්ශ්වය විසින් ම දරුණු ගණයේ වෙඩි ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

හයිෆා සහ ටෙල් අවිව් හි හමුදා ස්ථාන වෙත “ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවල නව වටයක්” ආරම්භ කර ඇති බව ඉරාන හමුදාව ටෙලිග්‍රෑම් හි ප්‍රකාශයකින් තහවුරු කළා.

දකුණු ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට ටෙහෙරානය එල්ල කළ ප්‍රහාරය උපුටා දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනිට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියා.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ ක්‍රෙම්ලිනය “රුසියානු විශේෂඥයින් සේවයේ යොදවා ඇති බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වන” බවයි.

මූලාශ්‍ර – NDTV,BBC, REUTERS

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?