මැදපෙරදිග යුද්ධයට අමෙරිකාවත් පැටලෙනවා දැයි සති දෙකකින් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මේ වනවිට මැදපෙරදිග අවුළුවා ඇති ඉරාන – ඊශ්‍රායල යුද්ධයට අමෙරිකාව මැදිහත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව ඉදිරි සති දෙක තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් දන්වනු ලබන බව ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ, ට්‍රම්ප් පරිපාලනය පෙර ඉරානයට සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට අවස්ථාව දුන් බවත්, දැන් ඊට ප්‍රමාද වීමක් ඇති හෙයින් සාකච්ඡා සඳහා යළිත් අවස්ථාවක් දෙන්නේ නැද්ද යන්න පිළිබඳවත් ඉදිරියේ දී දැනුම්දෙන බවයි.

ට්‍රම්ප් ඊයේ (19) සඳහන් කළේ, ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත්, එසේ නොවුණහොත් ඉදිරියේ දී තමන් ඒ පිළිබඳ ව දැඩි තීන්දුවක් ගන්නා බවයි.

කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායකයා වන කමෙනි ඉරාන ජාතීන් කිසිවෙකුටත් යටත් නොවන බව ද කියා සිටියා.

මේ අතර ට්‍රම්ප් දැනුම්දී ඇත්තේ කිසිදු ලෙසකින් ඉරාන – ඊශ්‍රායල ගැටුමට රුසියාව මැදිහත් නොවිය යුතු බවයි.

ඊශ්‍රායල ඉරාන ගැටුමේ 08 වැනි දිනය අද (20) යි.

මේ වනවිටත් දෙපාර්ශ්වය විසින් ම දරුණු ගණයේ වෙඩි ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

හයිෆා සහ ටෙල් අවිව් හි හමුදා ස්ථාන වෙත “ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවල නව වටයක්” ආරම්භ කර ඇති බව ඉරාන හමුදාව ටෙලිග්‍රෑම් හි ප්‍රකාශයකින් තහවුරු කළා.

දකුණු ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට ටෙහෙරානය එල්ල කළ ප්‍රහාරය උපුටා දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනිට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියා.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ ක්‍රෙම්ලිනය “රුසියානු විශේෂඥයින් සේවයේ යොදවා ඇති බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වන” බවයි.

මූලාශ්‍ර – NDTV,BBC, REUTERS



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12