AFC Banner
Empty Ad
Empty Ad

මැදපෙරදිග යන ශ්‍රමිකයින්ට අසුභ පුවතක්

කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කළ අතර එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණක් පියාසර කෙරුණා.

ශ්‍රී ලංකාවේ සිට බටහිර ආසියානු රටවල් සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත විදෙස්ගතවන ශ්‍රමිකයන් මෙම ගුවන් සේවය භාවිත කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?