මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට තේ කර්මාන්තයේ අභියෝග සාකච්ඡාවක්

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට සිදුවිය හැකි බලපෑම පිළිබද සාකච්ඡාවක් අද (04) පස්වරුවේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුම් අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති වැඩමුළුවකට එක්වෙමින්.

තේ කර්මාන්තයට සම්බන්ධ පාර්ශව කිහිපයක් එම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බවත්, ඇතිව තිබෙන තත්ත්වයෙන් තේ කර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් සහ එයින් මිදීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !