AFC Banner
AFC Banner
Empty Ad

මැතිසබයේ දුරකථනයෙන් පුද්ගලික ඇමතුම් කිසිවක් බෑ – පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ට සීමාවක්

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චිය හැකිතාක් සීමාකරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ බව පාර්ලිමේන්තුවේ සියලු අංශ ප්‍රධානීන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකථන ඔස්සේ පෞද්ගලික ඇමතුම් ලබාගැනීම සිදුනොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ විදුලිය, ලිපි ද්‍රව්‍ය පරිහරණය සීමා කිරීම සහ ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා මිට පෙර උපදෙස් ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?