AFC Banner
AFC Banner
Empty Ad

මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රටෙන්ම සමාව ඉල්ලයි

ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසන් තරගය හෙට (17) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සාන්ත ලුසියා හිදී පැවැත්වෙන මෙම තරග ආරම්භ වන්නේ පෙරවරු 6.00ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත් වූ අතර, නේපාලය අතර පැවත්වීමට නියමිතව තිබූ තුන්වන තරගය වර්ෂාවට සේදී ගියා.

එවන් තත්ත්වයක් හමුවේ ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව හෙට නෙදර්ලන්තය සමඟ තරගයට පිවිසෙන්නේ අයි.සී.සීයේ පූර්ණ සාමාජික රටක් ලෙස අවමානයෙන් ගැලවීම සඳහායි.

මේ අතර රටේ බලාපොරාත්තු ඉටු කිරීමට නොහැකිවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායම වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා.

ලෝක කුසලාන තරගාවලියේ ලද අවමන් සහගත පරාජය සමබන්ධයෙන්, සාන්ත ලුසියා හිදී මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මැතිව්ස් පැවසුවේ තරගාවලිය තුළ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් කිසිසේත් පැහැදීමක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
45
+1
2
+1
12
+1
3
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?