මැතිවරණ රාජකාරියේ සිටි තිදෙනෙක් මිය ගිහින් – පොලිස් නිලධාරියෙකුත් ඒ අතර (වීඩියෝ)

මැතිවරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් සහ තවත් සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙක් හදිසියේ ජිවිතක්ෂය පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

අද (14) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් ඔහුන් මෙලෙස ජීවිතක්ෂයට පත්වන ඇති බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෝපායි, කැස්බෑව සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල දී මෙම මරණ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් අද (14) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

මන්නාරම සහ බියගම යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?