AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි ගණන ඉහළට – නිරීක්ෂණයට රටවල් 12ක නියෝජිතයින්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතරින් පැමිණිලි 747ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එක් පැමිණිල්ලක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වනවා.

මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලිවලට අමතරව ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය ඉහළ ගොස් ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි 228ක් තම සංවිධානයට ලැබී ඇති බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසුවේ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 150ක් ලැබී ඇති බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් ඊට සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ඇතුළු සියලු මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පුළුල් වාර්තාවක් ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?