මැතිවරණ පැමිණිලි ගණන ඉහළට – නිරීක්ෂණයට රටවල් 12ක නියෝජිතයින්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතරින් පැමිණිලි 747ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එක් පැමිණිල්ලක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වනවා.

මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලිවලට අමතරව ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය ඉහළ ගොස් ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි 228ක් තම සංවිධානයට ලැබී ඇති බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසුවේ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 150ක් ලැබී ඇති බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් ඊට සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය ඇතුළු සියලු මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පුළුල් වාර්තාවක් ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32