AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ පැමිණිලිවල ඉහළ යාමක්

මෙවර මහ මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට එම පැමිණිලි සංඛ්‍යාව 2,811ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව අද (11) නිවේදනය කළේ.

ඊයේ දිනට පමණක් මැතිවරණ පැමිණිලි 231ක් ලැබී ඇති අතර, එම පැමිණිලි 231 ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි වාර්තා වන්නේ.

මේ අතර කොමිසමට ලැබී ඇති පැමිණිලි වලින් පැමිණිලි 2,162ක් විසඳීමට කටයුතු කර ඇති බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?