AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණවලට වඩා ප්‍රමුඛ කාර්යයක් ගැන ඇමති අමරවීරගෙන් ප්‍රකාශයක්

මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය වී ඇත්තේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම වන අතර ඒ සඳහා මූලිකත්වය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් සහ මුදල් අමාත්‍යංශය ඇතුලු ආයතනවලින් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියාසිටියේ මැතිවරණවලට මුදල් වැය කිරීමට වඩා ගොවි ජනතාවගේ මෙන්ම රටේ සමස්ත මහ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ඡන්ද පසුව සිදු කර ගත හැකි අතර පසුගිය වසරේ ඇතිවූ ගැටලු මෙම වසරේ සිදු නොවීමට වග බලාගන්නා ලෙසට ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී ඇත්තේ ගොවි ජනතාවට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි.

මුදල් ලැබුණු විගස ගොවීන්ට සාධාරණයක් වන ලෙසට මිලක් නියම කරමින් වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මැතිවරණ වියමට යන බිලියන ගණනක මුදලක් තමන්ට ලබාදෙන්නේ නම් ගොවියාට සාධාරණයක් වන ලෙසට වී මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

හදිසි මැතිවරණයකට වඩා ගොවි ජනතාවගේ මෙන්ම අනෙක් සාමාන්‍ය ජනතාවගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

මැතිවරණ කල් දැමීමක් යෝජනා නොකරන අතර මෙය ආණ්ඩු පෙරළියක් හෝ එවැනි අත්‍යවශ්‍ය දෙයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම මැතිවරණය ටික කාලයකට කල් දමා පාරිභෝගිකයන්ට සාධාරණ මුදලකට සහල් ලබාදීමට මෙන්ම ගොවින් ආරක්ෂා කර ගනිමින් සාධාරණ මිලක් වී සඳහා ලබාදීමට හැකි බවයි ඔහු කියාසිටියේ.

මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ වන අතර මහජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් නොව ජීවන වියදම අඩු කිරීමට සහ ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදීම බවයි ඔහු කියාසිටියේ.

ඒ වෙනුවෙන් පෙනී සිටීමට රජයට මෙන්ම විරුද්ධ පක්ෂයට වගකීමක් ඇති බවයි ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?