මැතිවරණවලට වඩා ප්‍රමුඛ කාර්යයක් ගැන ඇමති අමරවීරගෙන් ප්‍රකාශයක්

මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය වී ඇත්තේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම වන අතර ඒ සඳහා මූලිකත්වය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් සහ මුදල් අමාත්‍යංශය ඇතුලු ආයතනවලින් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියාසිටියේ මැතිවරණවලට මුදල් වැය කිරීමට වඩා ගොවි ජනතාවගේ මෙන්ම රටේ සමස්ත මහ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ඡන්ද පසුව සිදු කර ගත හැකි අතර පසුගිය වසරේ ඇතිවූ ගැටලු මෙම වසරේ සිදු නොවීමට වග බලාගන්නා ලෙසට ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී ඇත්තේ ගොවි ජනතාවට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි.

මුදල් ලැබුණු විගස ගොවීන්ට සාධාරණයක් වන ලෙසට මිලක් නියම කරමින් වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මැතිවරණ වියමට යන බිලියන ගණනක මුදලක් තමන්ට ලබාදෙන්නේ නම් ගොවියාට සාධාරණයක් වන ලෙසට වී මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

හදිසි මැතිවරණයකට වඩා ගොවි ජනතාවගේ මෙන්ම අනෙක් සාමාන්‍ය ජනතාවගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

මැතිවරණ කල් දැමීමක් යෝජනා නොකරන අතර මෙය ආණ්ඩු පෙරළියක් හෝ එවැනි අත්‍යවශ්‍ය දෙයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම මැතිවරණය ටික කාලයකට කල් දමා පාරිභෝගිකයන්ට සාධාරණ මුදලකට සහල් ලබාදීමට මෙන්ම ගොවින් ආරක්ෂා කර ගනිමින් සාධාරණ මිලක් වී සඳහා ලබාදීමට හැකි බවයි ඔහු කියාසිටියේ.

මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ වන අතර මහජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් නොව ජීවන වියදම අඩු කිරීමට සහ ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදීම බවයි ඔහු කියාසිටියේ.

ඒ වෙනුවෙන් පෙනී සිටීමට රජයට මෙන්ම විරුද්ධ පක්ෂයට වගකීමක් ඇති බවයි ඔහු පෙන්වා දෙනවා.

  1. GAS GANDHA GAHANA NAKI HAMPADA HATHTHA. MUN MAAARA BHAYAYI ELECTION WALATA. AYE MESAMMA JATHIYE BALAYATA ENNA BAHE KIYALA DANNAWA. MEKEN MUNWA ELAWANNA BARI UNATH MUNWA ELAWANA EKE DEWANI WEDI MURAYA MEKA BAWA MUN DANNAWA. DAN AHANNA EPA MARILA IPADHILA WAGEYI PALAMU WEDI MURAYA MOKAK DHA KIYALA. MAY9 JULY 9 UNE ANNA EKA THAMAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10