මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මාර්තු මස 09වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමත් සමග.

පෙත්සම්කරු විසින් මීට පෙර අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර එනම් ඊයේ (22) දිනට පෙර අදාළ පෙත්සම සළකා බැලීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කළා.

නමුත් මෝසමක් මාර්ගයෙන් පෙත්සම පසුගිය 20වනදා සලකා බලන අවස්ථාව වනවිටත් මුදල් ප්‍රතිපාදන ගැටළුවක් මත තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් තිබුණ බැවින් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම යළි කැඳවීම පෙර නියම කළ පරිදි අද (23) දිනට සිදුකරණ ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද විරුද්ධත්වයක් පළ නොකළ බැවින් පෙත්සම අද කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අද ප්‍රකාශයට පත් කරන්නේ රටේ සැමට බලපාන තීරණාත්මක අධිකරණ තීන්දුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?