මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මාර්තු මස 09වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමත් සමග.

පෙත්සම්කරු විසින් මීට පෙර අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර එනම් ඊයේ (22) දිනට පෙර අදාළ පෙත්සම සළකා බැලීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කළා.

නමුත් මෝසමක් මාර්ගයෙන් පෙත්සම පසුගිය 20වනදා සලකා බලන අවස්ථාව වනවිටත් මුදල් ප්‍රතිපාදන ගැටළුවක් මත තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් තිබුණ බැවින් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම යළි කැඳවීම පෙර නියම කළ පරිදි අද (23) දිනට සිදුකරණ ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද විරුද්ධත්වයක් පළ නොකළ බැවින් පෙත්සම අද කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අද ප්‍රකාශයට පත් කරන්නේ රටේ සැමට බලපාන තීරණාත්මක අධිකරණ තීන්දුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44