මැතිවරණය ජයගත් ශකිබ් අල් හසන්ගෙන් රසිකයෙකුට අත පුරවලා කනේ පහරක් (වීඩියෝ)

ඊයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට විශිෂ්ඨ ජයක් හිමි වුණා.

ශකිබ් බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගැනීමේ පුවත පළ වී වැඩි කලක් යාමට පෙර ඔහු රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීමේ සිදුවීමක් මේ වනවිට ආන්දෝලනාත්මක පුවතක් වී තිබෙනවා.

ශකිබ් අල් හසන් අදාළ රසිකයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සිදුවූයේ කවදාද, කොතැනද යන්න නිශ්චිතව නොදන්නා නමුත් බොහෝ දෙනෙක් පවසන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ශකිබ්, බටහිර මගුරා නගරයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 150,000 කට වඩා වැඩි ගණනකින් ඔහුගේ ප්‍රතිවාදියා පරාජය කළ බව දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක අබු නසර් බෙග් පැවසුවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බංග්ලාදේශ මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වුණේ එරට අගමැතිනී ෂීක් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
18
+1
0
+1
2
+1
3
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?