මැතිවරණය ජයගත් ශකිබ් අල් හසන්ගෙන් රසිකයෙකුට අත පුරවලා කනේ පහරක් (වීඩියෝ)

ඊයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට විශිෂ්ඨ ජයක් හිමි වුණා.

ශකිබ් බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගැනීමේ පුවත පළ වී වැඩි කලක් යාමට පෙර ඔහු රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීමේ සිදුවීමක් මේ වනවිට ආන්දෝලනාත්මක පුවතක් වී තිබෙනවා.

ශකිබ් අල් හසන් අදාළ රසිකයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සිදුවූයේ කවදාද, කොතැනද යන්න නිශ්චිතව නොදන්නා නමුත් බොහෝ දෙනෙක් පවසන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ශකිබ්, බටහිර මගුරා නගරයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 150,000 කට වඩා වැඩි ගණනකින් ඔහුගේ ප්‍රතිවාදියා පරාජය කළ බව දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක අබු නසර් බෙග් පැවසුවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බංග්ලාදේශ මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වුණේ එරට අගමැතිනී ෂීක් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
18
+1
0
+1
2
+1
3
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34