මැතිවරණය ගැන හිටපු ජනපති මහින්ද කතා කරයි (වීඩියෝ)

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ සහ ජනාධිපතිවරයාගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මුදල් නොමැති නම් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

තම පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයට සූදානම් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

තමාගේ රජය මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් පැවතීම හේතුවෙන් වන අතර වත්මන් රජයට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හමුවේ මැතිවරණ කල් දමන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මැතිවරණයක් පැවැත්වුව හොත් එහි ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයාට මෙන්ම රජයට ඇති කැමැත්ත තේරුම් ගැනීමට හැකිවනු ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මෙහිදී මාධ්‍යවීදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ඔහු අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්නයි.

අගමැතිවරයෙකු ධුරයේ කටයුතු කරන බැවින් එවැනි අවශ්‍යතාවක් පැන නොනගින බවයි ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ.

තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බැසිල් රාජපක්ෂ ඇතුලු නියෝජිතයන් විසින් සංවිධාන කරනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

https://www.youtube.com/watch?v=BBhJKWokz90
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?