මැතිවරණයට අදාළව වාහනවල අලවපු ස්ටිකර්ස් ගලවනවා – අපේක්ෂකයින්ටත් දැඩි ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ; කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එමෙන්ම අනිද්දා (04) දින සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වන බැවින්, දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම් සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීම් වෙනුවෙන් පත් කර ඇති බවත් මැතිවරණ පනත ප්‍රකාරව පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ ව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා.

මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී ඇති බවත්; පුද්ගලයින් 22 දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වූ අතර; මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් කම්කරුවන් ලබා ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබූ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් ප්‍රදර්ශනය පිළිබඳ ව ද මාධ්‍ය හමුවේ දී මහජනතාව දැනුවත් කෙරුණා.

එවැනි වාහන අනිවාර්‍යයෙන්ම නවතා අදාළ ප්‍රචාරණ පුවරු හෝ ස්ටිකර්ස් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට කටයුතු කරන අතර; කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?