මැතිවරණයට අදාළව වාහනවල අලවපු ස්ටිකර්ස් ගලවනවා – අපේක්ෂකයින්ටත් දැඩි ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ; කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එමෙන්ම අනිද්දා (04) දින සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වන බැවින්, දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම් සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීම් වෙනුවෙන් පත් කර ඇති බවත් මැතිවරණ පනත ප්‍රකාරව පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ ව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා.

මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී ඇති බවත්; පුද්ගලයින් 22 දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වූ අතර; මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් කම්කරුවන් ලබා ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබූ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් ප්‍රදර්ශනය පිළිබඳ ව ද මාධ්‍ය හමුවේ දී මහජනතාව දැනුවත් කෙරුණා.

එවැනි වාහන අනිවාර්‍යයෙන්ම නවතා අදාළ ප්‍රචාරණ පුවරු හෝ ස්ටිකර්ස් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට කටයුතු කරන අතර; කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24