මැණික් අපනයනයෙන් 2025 වන විට ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට සැලසුම්

මැණික් අපනයනය කිරීම තුළින් 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පවසනවා.

මේ වසරේ ගත වූ මුල් මාස 7 තුළ පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ අතර මෙම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ඩොලර් බිලියන 02ක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීති විරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, විදේශිය ගැණුම්කරුවන්ට සෘජුවම මෙරට වෙන්දේසියෙන් මැණික් මිලට ගැනීමට හැකියාව ලබා දීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නා බව ද විරාජ් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් ඕ වන් කතා’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරාජ් ද සිල්වා මහතා,

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතට අනුව කැණීම් සිදුකිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ සිට මැණික් ගලක් අපනයනය කිරීම දක්වා නියාමන කටයුතු අධිකාරිය විසින් සිදුකරනු ලබනවා. ඒ වගේම වෙන්දේසි කටයුතු, අළෙවි කිරීම, පිටරට යැවීම දක්වා වූ නියාමන කටයුතු අප විසින් සිදු කරනවා. මේ සෑම දෙයක්ම කරන්නේ රට වෙනුවෙන්. එසේම දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සිදු කරනවා. රටට හැකි තරම් විදේශ විනිමය ගෙන ඒම පිළිබඳව අපේ අවධානය යොමු කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල හයක් රට පුරා තිබෙනවා. මෙම කාර්යාල හරහා අධීක්ෂණ කටයුතු සිදු වෙනවා. පතලකින් මැණික් ගලක් හමු වුවහොත් ඔවුන්ට අවශ්‍ය ලෙස එය අලෙවි කරන්න බැහැ. රටේ නීතිය අනුව එය ප්‍රසිද්ධ වෙන්දේසියක තමයි අලෙවි කළ යුත්තේ

ඒ වගේම මැණික් ගලක් අලෙවි කිරීමෙන් පසුව ලැබෙන මුදලින් 2.5%ක මුදලක් රජයට හිමි වෙනවා. මෑත දිනයකදී කෝටි 40ක මැණික් ගලක් අළෙවි කළා. මේ දිනවල කැණීම් කටයුතුවල ද වර්ධනයක් දක්නට ලැබෙනවා. මැණික් ගල්වලට ලැබෙන මුදල මේ වන විට වැඩි වී තිබෙනවා.

මැණික් පතල් පවත්වාගෙන යාමේදී යම් යම් කොන්දේසි පනවා තිබෙනවා. අයථා විදිහට මැණික් පතල් පවත්වාගෙන යනවා නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට සිදු වෙනවා. මැණික් ගලක් සාමාන්‍ය පරිදි අපනයනය කරන්න බැහැ. ඒ වගේම මැණික් ගලක් සොයා ගැනීමෙන් පසු, එය ඔප දමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය යටතේ තමයි වෙන්දේසි කළ යුත්තේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුවන මෙම කටයුතු පිළිබඳ සොයා බැලීමට මේ වන විට අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධව සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වසරේ ජනවාරි සිට ජූලි මස දක්වා පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගෙන තිබෙනවා. නමුත් අපට මීට වඩා මුදලක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.

අනිකුත් කේෂ්ත්‍ර සැසඳීමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අපනයන 34%ක ඉහළ වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගත් කළ තේ, ඇඟලුම් කේෂ්ත්‍ර අභිබවා ගොස් අප අධිකාරිය එම වර්ධන වේගය අත්පත් කර ගෙන තිබෙන බව කිව යුතුයි. මේ බව මහ බැංකු වාර්තා අනුව ද පෙන්වා දී තිබෙනවා.

මෙලෙස හමු වන මැණික් රටේ සමස්ත ජනතාවටම අයිති දෙයක්. එහි නිසි වටිනාකම රටට ලැබිය යුතුයි. මෙම අසීරු තත්ත්වයෙන් රට මුදවා ගැනීමට එය මනා පිටිවහලක් වන බව අප විශ්වාස කරනවා.

සාමාන්‍යයෙන් මැණික් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක වාර්ෂික ආදායමක් ලබා ගත හැකියි. ශ්‍රී ලංකාව මැණික් අළෙවි කිරීමේ විවෘත වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. එවැනි විශාල වැඩ කොටසක් දැනටමත් අප විසින් කරගෙන යනවා. ඒ අනුව මෙම වසර අවසන් වන විට මෙම මැණික් කර්මාන්තයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

මෙම කටයුතු සඳහා රටේ සිටින අපනයනකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගත යුතුව තිබෙනවා. දැනට සාමාන්‍ය පිරිසක් තමයි මෙම ව්‍යාපාරයේ රැඳී සිටින්නේ. මැණික් අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමට අප මේ වන විට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ගැනුම්කරුවන් සොයා ගැනීමත්, නව වෙළෙඳ පොළ සොයා ගැනීමත් අපේ අරමුණ වෙලා තිබෙනවා. මැණික් කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ සඳහා සම්බන්ධ විය හැකියි.

ඒ වගේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමටත් අප පියවර ගෙන තිබෙනවා. එකම තැනක නිලධාරියෙක් වසර ගණනාවක් සේවය කරන විට මුදල් අක්‍රමිකතා සිදුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කර විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් හරහා අප එයට විසඳුම් ලබා දී තිබෙනවා. ඒ වගේම ගිණුම් මෘදුකාංග ආයතනයට හඳුන්වාදීමට කටයුතු කර තිබීම නිසා කිසිදු මූල්‍ය වංචාවකට ඉඩක් නැහැ.

ඒ වගේම ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ රන් භාණ්ඩවල ප්‍රමිතිය තහවුරු කිරීමට ද අප ආයතනය බැඳී සිටිනවා. එම නිසා අප කාර්යාලයට පැමිණ තමන්ගේ රන් භාණ්ඩවල ප්‍රමිතිය සොයා බැලීමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ලබා දෙන සහතිකය තමන්ගේ රන් භාණ්ඩවලට ඉහළ වටිනාකමක් ලබා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලයේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලයේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33


?