AFC Banner
AFC Banner
Empty Ad

මැච් එක පැරදුණාට පස්සේ ඇත්තටම අපිට ගොඩක් දේවල් හිතෙනවා

නොම්බර 8 සහ 9 වැනි ස්ථානවල ක්‍රීඩා කරන පිතිකරුවන් ඇවිත් හොඳ සබඳතාවයන් පිහිටුවමින් පන්දුවට පහර දෙනවා නම්, පන්දු යවන්නන් වශයෙන් ඔවුන්ව පාලනය කළ යුතු ආකාරය දැනගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක පවසයි.

ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් චරිත් මේ බව කිසා සිටියේය.එහිදී අදහස් දක්වා සිටි චරිත් ‘ඉන්දීය පසුපෙළ පිතිකරුවන් දෙදෙනා හොඳින් පිතිහරඹයේ යෙදුණා. අපේ පන්දු යවන්නන්ට තව ටිකක් හොඳට කරන්න තිබුණා. කවුරුහරි තව විකට් එකක් දෙකක් අරන් තව ටිකක් වනිදුට සහාය දුන්නා නම් මේක වෙනස් කතාවක් වෙන්න තිබුණා’ යි කීවේය.

එක් අන්තයකින් පහර කෑමට ලක් වූ ලක්ෂාන් සඳකැන්ව, දිගින් දිගටම පන්දු යැවීමට යෙදවීම සම්බන්ධයෙන් චරිත් කියා සිටියේ, සඳකැන් පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරන බවත්, පන්දු යවන්නෙක් හැටියට ඔහුට පන්දුවාර 10 යැවීමේ හැකියාව තිබිය යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් ‘මැච් එක පැරදුණාට පස්සේ ඇත්තටම අපිට ගොඩක් දේවල් හිතෙනවා. මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම කරා නම් හොඳයි කියලා. නමුත් ඒ වෙලාවේ ගන්න තීරණ හැමෝම කතාවෙලා ගන්නේ.

ටීම් එකේ සාමාජිකයෝ පුහුණුකරුවෝ හැමෝම දුක් වෙනවා. අපි තරුණ කණ්ඩායමක්. මෑත කාලයේ ජයග්‍රහණ අඩුවෙන් ලබපු කණ්ඩායමක්. අපි සෑහෙන උත්සාහයක් දැරුවා. අවාසනාවකට අන්තිම මොහොතේ දිනන්න බැරි වුණා’යි යනුවෙන් කීවේය.

අදාළ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ චරිත් අසලංක පන්දු 68කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 65ක් රැස්කර ගත්තේය. එය චරිත්ගේ මංගල එක්දින අර්ධ ශතකය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?