මැච් එක පැරදුණාට පස්සේ ඇත්තටම අපිට ගොඩක් දේවල් හිතෙනවා

නොම්බර 8 සහ 9 වැනි ස්ථානවල ක්‍රීඩා කරන පිතිකරුවන් ඇවිත් හොඳ සබඳතාවයන් පිහිටුවමින් පන්දුවට පහර දෙනවා නම්, පන්දු යවන්නන් වශයෙන් ඔවුන්ව පාලනය කළ යුතු ආකාරය දැනගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක පවසයි.

ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් චරිත් මේ බව කිසා සිටියේය.එහිදී අදහස් දක්වා සිටි චරිත් ‘ඉන්දීය පසුපෙළ පිතිකරුවන් දෙදෙනා හොඳින් පිතිහරඹයේ යෙදුණා. අපේ පන්දු යවන්නන්ට තව ටිකක් හොඳට කරන්න තිබුණා. කවුරුහරි තව විකට් එකක් දෙකක් අරන් තව ටිකක් වනිදුට සහාය දුන්නා නම් මේක වෙනස් කතාවක් වෙන්න තිබුණා’ යි කීවේය.

එක් අන්තයකින් පහර කෑමට ලක් වූ ලක්ෂාන් සඳකැන්ව, දිගින් දිගටම පන්දු යැවීමට යෙදවීම සම්බන්ධයෙන් චරිත් කියා සිටියේ, සඳකැන් පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරන බවත්, පන්දු යවන්නෙක් හැටියට ඔහුට පන්දුවාර 10 යැවීමේ හැකියාව තිබිය යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් ‘මැච් එක පැරදුණාට පස්සේ ඇත්තටම අපිට ගොඩක් දේවල් හිතෙනවා. මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම කරා නම් හොඳයි කියලා. නමුත් ඒ වෙලාවේ ගන්න තීරණ හැමෝම කතාවෙලා ගන්නේ.

ටීම් එකේ සාමාජිකයෝ පුහුණුකරුවෝ හැමෝම දුක් වෙනවා. අපි තරුණ කණ්ඩායමක්. මෑත කාලයේ ජයග්‍රහණ අඩුවෙන් ලබපු කණ්ඩායමක්. අපි සෑහෙන උත්සාහයක් දැරුවා. අවාසනාවකට අන්තිම මොහොතේ දිනන්න බැරි වුණා’යි යනුවෙන් කීවේය.

අදාළ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ චරිත් අසලංක පන්දු 68කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 65ක් රැස්කර ගත්තේය. එය චරිත්ගේ මංගල එක්දින අර්ධ ශතකය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39