බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ අරමුණින් අද දින මිහින්තලා මැද මළුවේදී, අධිෂ්ඨාන පුජාවේ ආරම්භය සනිටුහන් කළා.
මේ සදහා මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන හිමි, උලපනේ සුමංගල හිමි, ඉද්තෑකන්දේ සදධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂන් වහන්සේලා පිරිසක් සහභාගිවී සිටිනවා.
රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාල පක්ෂ නියෝජිතයින් හා මහජනතාව ද මෙම අධිෂ්ඨාන පූජාවට සහභාගී වී ඇති බවටත් වාර්තාවෙනවා.
එහිදී අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් සදහන් කළේ, සියළු විහාරසථානවල අධිෂ්ඨාන පුජාවන් සිදු කරන බවත්, ජාතියේ ආරක්ෂාව මෙන්ම සියළු ආගමිකයින්ගේ ආරකෂාව හා දැහැමි රාජ්‍යක් බිහි කිරිමෙ අදිටනින් මෙම අධිෂ්ඨාන පූජාව ආරම්භ කරන බවත් ප්‍රකාශ කරනවා.
