ශිරාන් බාසික්ගේ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 25 වනදා

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රැම් 1255.7ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජවාරම් කිරිම ඇතුළු අධි⁣⁣චෝදනා පහක් යටතේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු යැයි කියන මෙහොමඩ් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට නීතපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 25 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය නියෝග කළා.

මෙම නඩුව පිලිපීන ජාතික ජොහාන් බේ, අයි. ඩී සුමිත් සහ තුන්වැනි විත්තිකරු වන සිරාන් බාසික් නැමැත්තාට එරෙහිව පවරා තිබෙනවා.

නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ර⁣ජයේ අධිනීතීඥවරයි සඳහන් කළේ, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ අද (11) දින පැවැත්වීමට නියමිතව තිබුනත් මෙම නඩුවට අදාළව මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරනයේ ඇති CCTV දර්ශන ඇතුලත් CD පටය පිටපත් කර ගැනිමට නොහැකි වු බවයි.

එකී දර්ශන සහිත පටය වහාම තම අධිකරණයට ලබාදෙන ලෙසත් නඩුව සම්බන්ධයෙන් ඇති රස පරීක්ෂණ වර්තා ද තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

කොළඹ මධ්‍යම අපරාධ කාර්‍යාංශය විසින් ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පළමුවන විත්තිකරුද බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ වන විට ඇප මත මුදා හැර සිටින දෙවන විත්තිකරුද අධිකරණය හමුවේ පෙනී සිටියා.

2023.08.16 වැනිදා කොකෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කිරිම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.